විවාහක රූ රැජිණ කිරුලේ අවුල ගැන පරීක්ෂණයක්

කැරොලයින්ගේ හැසිරීම ගැන Mrs World INC. මවිත වෙයි

by Staff writer 06-04-2021 | 12:55 PM

COLOMBO (News 1st) : විවාහක රූ රැජිණ තරගාවලියේ අවසන් තරගයේදී කිරුළ සම්බන්ධයෙන් මතු වූ මතභේදාත්මක තත්ත්වය පිළිබඳව අමෙරිකාවේ කැලිෆෝනියා නුවර පිහිටි මිසිස් වර්ල්ඩ් අයි එන් සී (Mrs world inc.) සමාගම ප්‍රතිචාර දක්වා තිබේ.

කැරලින් ජුරීගේ අසාමාන්‍ය හැසිරීම සම්බන්ධයෙන් මවිතයට පත් වන බව එම ලිපියේ සඳහන් ය. විවාහක රූ රැජිණ තරගාවලියේ ශ්‍රී ලංකා නියෝජිත චන්දිමාල් ජයසිංහ මහතාගෙන් ලෝක සංවිධානය ඉල්ලා තිබෙන්නේ කැරොලින් ජූරිගෙන් මේ පිළිබඳව සමාව අයදින ලිපියක් ලබා ගෙන ඉදිරිපත් කරන ලෙසයි. මිසිස් වර්ල්ඩ් අයි එන් සී ආයතනය නැවත මතක් කරන්නේ ලෝක මට්ටමේ තරගාවලියකදී සෑම තරගකාරියක් ම විවාහ වී සිටිම අත්‍යවශ්‍ය කරුණක් බවයි . කෙසේ වෙතත් ,කැරොලයින් ජූරි ලංකාවේ පැවැති තරගයේදී තරග රෙගුලාසි උල්ලංඝනය කර ඇති බව පෙනෙන්නට ඇති බැවින් ඒ පිළිබඳ විමර්ශනයක් කිරීමටත් ප්‍රධාන සමාගම අපේක්ෂා කරයි. පෙර පුවතට පිවිසෙන්න...

අහිමි කිරුළට යළි හිමිකම් කී පුෂ්පිකා..

  https://www.youtube.com/watch?v=kS7vtQUdCmg