උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් අත්හරී...

උතුරු කොරියාව ටෝකියෝ ඔලිම්පික් අත්හරී...

by Sagarika Chathumali 06-04-2021 | 11:34 AM

COLOMBO (News 1st) : සිය රට මෙවර ටෝකියෝ ඔලිම්පික් තරගාවලිය නියෝජනය නොකරන බව උතුරු කොරියාව නිවේදනය කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, කොවිඩ් 19 වසංගතයෙන් ක්‍රීඩකයින් ආරක්ෂා කිරීම සඳහා උතුරු කොරියාව මෙම තීරණය ගෙන ඇති බවයි. පසුගිය 25 වනදා උතුරු කොරියානු ඔලිම්පික් කමිටුව රැස් වූ අවස්ථාවේදී ගෙන ඇති මෙම තීරණයත් සමග කොරෝනා වසංගතයෙන් ආරක්ෂාවීමට ඔලිම්පික් අත්හරින එකම ප්‍රධාන රට උතුරු කොරියාව වනු ඇති. ලෝකයේ කොරෝනා වෛරසය ව්‍යාප්ත වීමත් සමග උතුරු කොරියාව දේශ සීමාවන්  පවා වසා දමමින් වෛරසයෙන් ආරක්ෂා වීමට දැඩි පියවර ගනු ලැබිණ. විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, උතුරු කොරියාවේ මෙම තීරණය උතුර සමග සම්බන්ධ වීමට ක්‍රීඩා උළෙල භාවිත කිරීමේ දකුණු කොරියානු බලාපොරොත්තුව බිඳ වැටීමක් බවයි. 2018 වසරේදී දෙරට ම ඒකාබද්ධව ශීත ඔලිම්පික් සඳහා ඉදිරිපත්වූ අතර එය ඓතිහාසික අවස්ථාවක් විය.