උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැහැ

උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැහැ - යුද හමුදාපති

by Staff writer 06-04-2021 | 6:16 PM

COLOMBO (News 1st) - උත්සව සමයේදී සංචරණ සීමා පැනවීමේ අවශ්‍යතාවක් නැතැයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

යුද හමුදාපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ කොළඹ දී පැවති උත්සවයකින් අනතුරුවයි.