තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 4ක අද ප්‍රාන්ත සභා මැතිවරණය

තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 4ක අද ප්‍රාන්ත සභා මැතිවරණය

තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 4ක අද ප්‍රාන්ත සභා මැතිවරණය

කර්තෘ Staff writer

06 Apr, 2021 | 2:10 pm

COLOMBO (News 1st) –  ඉන්දියාවේ තමිල්නාඩුව ඇතුළු ප්‍රාන්ත 4ක, ප්‍රාන්ත සභා මැතිවරණය අද පැවැත්වේ.

ඡන්ද විමසීම උදෑසන 7.00ට ආරම්භ විය.

එය සවස 6.00 ට අවසන් වීමට නියමිතය.

ඒ අනුව තමිල්නාඩු , කේරළ ,ඇසෑම් සහ බෙංගාල යන ප්‍රාන්ත 4 හි කෝටි 20කට අධික ඡන්ද දායකයින් , ජන්දය ලබා දීමට නියමිතය.

මෙවර මැතිවරණය සඳහා ප්‍රධාන පක්ෂ 5ක් ඇතුළුව පක්ෂ රැසක් තරග වදින බව ඉන්දී මාධ්‍ය වාර්තා කළේය .

තමිල්නාඩු මැතිවරණය සඳහා තරග වදින ප්‍රධාන පක්ෂ සංඛ්‍යාව 4 කි.

නිදහසින් පසු , ප්‍රබල දේශපාලන නායකයින් වන ජේ.ජයලලිතා සහ එම් කරුණානිදි නොමැතිව , පැවැත්වෙන , පළමු මැතිවරණය මෙයයි.

මෙවර තමිල්නාඩු මැතිවරණය සඳහා අපේක්ෂකයින් 3998 දෙනෙකු තරග වදිනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ජනප්‍රිය ඉන්දීය නළු කමල් හසන්, මක්කල් නීදී මයියම් පක්ෂය නියෝජනය කරමින් දකුණු කොයිම්බතූර් වෙනුවෙන් තරගවදී.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]