by Chathurika Jayasundara 05-04-2021 | 6:04 PM
COLOMBO (News 1st) – ෆාම් ඔයිල් ආනයනය සම්පූර්ණයෙන් තහනම් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් කරන ලෙස ජනාධිපති ලේකම් විසින් ආනයන අපනයන පාලක වෙත දැනුම් දී තිබේ.
මේ අතර දැනට ආනයනය කර ඇති ෆාම් ඔයිල් නිකුත් කිරීම සම්පූර්ණයෙන්ම නතර කරන ලෙස ද රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් දී ඇති බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.
එමෙන්ම කටු පොල් වගාව ද සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සඳහා ජනාධිපතිතුමා දී ඇති උපදෙස් බලාත්මක කරමින් අදාළ නීති යටතේ නියෝග පනවා ඇති බවත් එහි දැක්වේ.
දැනට පවතින කටු පොල් වගාව අදියරෙන් අදියර වරකට 10% බැගින් ගලවා , ඒ වෙනුවට රබර් හෝ පරිසර හිතකාමී වෙනත් වගාවන් කිරීමට එම සමාගම් හා ආයතන සමග නීතියෙන් බැඳීම සඳහා අවශ්‍ය පියවර ගැනීමට ද උපදෙස් දී තිබේ.
මෙය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක වූ විට කටු පොල් වගාව සහ ෆාම් ඔයිල් පරිභෝජනය සම්පූර්ණයෙන්ම නතර කිරීම රජයේ අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයේ සඳහන් ය.