පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට..

පොලිස් ජීප් රථයක ගැටී පුද්ගලයෙකු මරුට..

by Staff writer 05-04-2021 | 5:10 PM

COLOMBO (News 1st) – හක්මන - අකුරැස්ස මාර්ගයේ තුඩාව පාලම අසලදී පොලිස් ජීප් රථයක ගැටීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, තිහගොඩ ප්‍රදේශයේ පදිංචි 74 හැවිරිදි පුද්ගලයෙකු එලෙස මියගොස් ඇති බවයි. අදාල පුද්ගලයා මාර්ගය හරහා ගමන් කිරීමේදී අනතුර සිදුව ඇති අතර ඒ සම්බන්ධයෙන් සැකපිට පොලිස් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය.