by Staff writer 05-04-2021 | 6:02 PM
COLOMBO (News 1st) – මුලතිව්, වව්නියාව, මන්නාරම, පුත්තලම , කුරුණෑගල, අනුරාධපුරය, පොළොන්නරුව හා මොණරාගල දිස්ත්‍රික්කවලට හෙට(06) දැඩි උණුසුම් කාලගුණ තත්ත්වයක් පැවතිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඉන් සිදුවිය හැකි බලපෑම අවම කර ගැනීමට ජනතාව පියවර ගත යුතු බවයි.
ඒ අනුව ප්‍රමාණවත් පරිදි ජලය පානය කළ යුතු අතර හැකි තරම් සෙවණ සහිත ස්ථානවල රැඳී සිටිය යුතු ය.
වැඩිහිටි සහ රෝගී පුද්ගලයින් ඒ පිළිබඳව විශේෂයෙන් විමසිලිමත් විය යුතුයි.
වෙහෙසකාරී කටයුතු සීමා කර, සුදු පැහැ හෝ ලා පැහැති වස්ත්‍ර පළඳින්නැයි ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.