කිරුළ ගලවා කිරුළ පැළඳූ රූ රැජිණ තරගයක්... (VIDEO)

by Staff writer 05-04-2021 | 12:51 PM

COLOMBO (News 1st) : 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ තරගයේදී අසාමාන්‍ය සිදුවීමක් වාර්තා විය.

ඒ, කිරුළ පළඳා විනාඩි කිහිපයක් ඇතුළත රූ රැජිණට කිරුළ අහිමිවීමයි. 2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස පුෂ්පිකා ද සිල්වා මහත්මියට ඔටුණු පළඳවනු ලැබූවේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසිනි. සභාවේ සිටි කිසියම් අයකු ඇය විවාහක වුව ද දැන් දික්කසාද වී ඇති බව දැනුම් දීමත් සමග තරගයේ තීරණය සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුවිය. මෙම අදහසට එකඟතාව පළ කරමින් තීරක ලෝක රූ රැජිණ කැරොලයින් ජූරි වේදිකාවට පැමිණ පුෂ්පිකා ද සිල්වා මහත්මියගේ කිරුළ අනුශූරතාව ලබාගෙන ගත් තැනැත්තිය වෙත පිරිනැමිණ.