ඇත් දළ ජාවාරමක් වටලයි

ඇත් දළ ජාවාරමක් වටලයි

by Staff writer 05-04-2021 | 5:02 PM

COLOMBO (News 1st) – ඇත් දළ යුගළ 03ක් සමග සැකකරුවෙකු අනුරාධපුර සාලියපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, ලද තොරතුරකට අනුව කළ වැටලීමකදී ය. සැකකරුට එම ඇත් දළ අලෙවි කළ තවත් පුද්ගලයෙකු පරසන්ගස්වැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය සඳහන් කළේ ය. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අනාවරණය වූ කරුණු මත තවත් සැකකරුවන් 03 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර , ඔවුන් මඩු ප්‍රදේශයේ පදිංචිකරුවන් ය. සැකකරුවන් 38, 67, 41 ,31 සහ 46 වයස්වල පසුවෙයි. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.