අක්ෂේ කුමාර් රෝහල්ගත කෙරේ

අක්ෂේ කුමාර් රෝහල්ගත කෙරේ

by Sagarika Chathumali 05-04-2021 | 3:54 PM

COLOMBO (News 1st) : කොරෝනා ආසාදිත බවට හඳුනා ගැනීමෙන් පසු බොලිවුඩ් නළු අක්ෂේ කුමාර් රෝහල්ගත කර තිබේ.

අක්ෂේ කුමාර් ඉන්දීය මාධ්‍යයට පවසා ඇත්තේ, වෛද්‍ය උපදෙස් මත පූර්වාරක්ෂාව වෙනුවෙන් රෝහල්ගත වන බවයි. ඔහු දායක වන Ram Setu චිත්‍රපටයේ නිෂ්පාදක කණ්ඩායමේ 45 දෙනෙකුට ද කොවිඩ් ආසාදිත බව තහවුරු වී තිබේ. මීට අමතරව විකී කෞෂාල්, භූමි පද්නෙකර් , රන්බීර් කපූර්, අමීර් ඛාන්, ආලියා භාත් සහ කාර්තික් ආර්යන් යන බොලිවුඩ් නළු නිළියන් රැසක් පසුගිය සමයේ කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනා ගැනිණ. ඉකුත් සති කිහිපය තුළ ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර

මහාරාෂ්ට්‍ර ආසාදිතයින් අධිකව වාර්තා වූ ප්‍රාන්තය

යි. කොරෝනා වංසගත ව්‍යාප්ත වූ දා සිට මේ දක්වා ඉන්දියාවෙන් මිලියන 12.4කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර මරණ සංඛ්‍යාව 165,000 ඉක්මවා ගියේ ය.