
රාත්‍රී ඇඳිරි නීතිය ත් සමග මහාරාෂ්ට්‍ර යළිත් Lockdown…
රාත්‍රී ඇඳිරි නීතිය ත් සමග මහාරාෂ්ට්‍ර යළිත් Lockdown…
කර්තෘ Sagarika Chathumali
COLOMBO (News 1st) : කොරෝනා ආසාදිතයින්ගේ ශීඝ්‍ර ඉහළ යාමත් සමග ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයට දැඩි සීමාවන් පනවා තිබේ.
ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ, රාත්‍රී 9 සිට උදෑසන 7 දක්වා ප්‍රාන්තයේ රාත්‍රී ඇඳිරි නීතිය ක්‍රියාත්මක බවයි.
සති අන්තයේ සම්පූර්ණයෙන් ම ප්‍රාන්තය වසා දැමීමට බලධාරීන් තීරණය කර ඇති අතර ඒ අනුව සෑම අන්තයකම සිකුරාදා රාත්‍රී 9 සිට වසා දැමෙන ප්‍රාන්තය යළි විවෘත කෙරෙන්නේ, සඳුදා උදෑසන 7.00 ටයි.
අදාළ කාලය තුළ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් අවසර ලැබෙන අතර මෙම සීමාවන් අප්‍රේල් 30 දක්වා බලපැවැත්වෙනු ඇති.
ප්‍රාන්තයේ දැනටමත් කොරෝනා මර්දන රෙගුලාසි යටතේ පොදු ස්ථානවල රැස්වීම තහනම් වේ.
පොදු ප්‍රවාහන සේවා තවදුරටත් ක්‍රියාත්මක අතර සිනමාශාලා ක්‍රීඩාංගණ ආදිය වසා දැමෙනු ඇති.
ආහාර අලෙවිසල්, ආපනශාලා විවෘතව තැබෙන්නේ ආහාර රැගෙන යාම සඳහා පමණි.
රජයේ කාර්යාල ගොඩනැගිලි 50% ක් පමණ විවෘත කර තබන ලෙස ඉල්ලා ඇති අතර හැකියාවක් තිබේ නම්, නිවසේ සිට වැඩ කරන ලෙස ද ඉල්ලීමක් කර තිබේ.
ඉකුත් සැප්තැම්බර් මාසයෙන් පසු පසුගිය ඉරිදා ඉන්දියාවෙන් වැඩිම දෛනික ආසාදිතයින් සංඛ්‍යාව වාර්තා වී ඇති අතර එය දැක්වෙන්නේ, 93,249ක් ලෙසයි.
ඉන් අඩකටත් වැඩි සංඛ්‍යාවක් මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තාවී තිබීම විශේෂත්වයකි.
කොරෝනා වෛරස ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසු මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වසා දැමුණු දෙවන අවස්ථා ව මෙය වේ.
ශීඝ්‍ර ලෙස ආසාදිතයින් වාර්තාවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් මහාරාෂ්ට්‍ර මහ ඇමති උදව් තකරි පවසන්නේ, ප්‍රාන්ත වැසියන් ආරක්ෂිත පියවර අනුගමනය නොකිරීම සහ එන්නත ලබා ගැනීමෙන් පසු මුව ආවරණ නොපැළඳීම හේතුවෙන් මෙලෙස වෛරස ව්‍යාප්තිය යළි ඉහළ ගොස් ඇති බවයි.
මේ අතර අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි විශේෂඥ කණ්ඩායම්වලට උපදෙස් දී ඇත්තේ, මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මෙලෙස ශීඝ්‍රයෙන් ආසාදිතයින් වැඩිවීම පිළිබඳ සොයා බැලීමට වහාම විමර්ශනයක් සිදු කරන ලෙසයි.
ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණය…
මේ වනවිට ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ තෙවන අදියර ආරම්භ කර ඇති අතර ඒ යටතේ වයස අවුරුදු 45 ඉක්මවූ පුද්ගලයින්ට එන්ත් ලබා දෙනු ඇති.
පළමු සහ දෙවන අදියර යටතේ කොරෝන වෛරස පාලනය වෙනුවෙන් කටයුතු කරන ඉදිරිපෙළ සේවකයින් සහ අවුරුදු 60 ඉක්ම වූ පුද්ගලයින් වෙනුවෙන් එන්නත් ලබා දුන්නේ ය.
ඉන්දියාව ලොව විශාලම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක අතර එන්නත් මාත්‍රා මිලියන 68කට අධික සංඛ්‍යාවක් ලබාදී තිබේ.
ලොව කොරෝනා ව්‍යාප්තිය අතින් ඉන්දියාව තෙවන ස්ථානයේ පසුවන අතර ඉන්දියාවෙන් මේ වනවිට ආසාදිතයින් 12.5 ක් සහ මරණ 165,000 ක් පමණ වාර්තාවී ඇත.
- ඔක්සිජන් නොමැතිව නවදිල්ලි නුවර රෝහල් 6ක් අර්බුදයක
- A/L ප්‍රතිඵල ලබන සතියේ.. – විභාග දෙපාර්තමේන්තුව
- ඉදිරි මාසය තුළ කිසිදු උත්සවයකට අවසර නැහැ – සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ
- ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…
- මාතර ශාන්ත තෝමස්, ශාන්ත සර්වේෂස් රුහුණු මහා නිල් සටන හම්බන්තොටදී ඇරඹේ..
- රසායනික පොහොර ආනයනය නතර කරනවා – ජනපති
- කොළඹ වරාය නගර කෙටුම්පතට ආණ්ඩුවෙන් තවත් සංශෝධන..
- තවත් කොරෝනා මරණ 05ක්: අද දිනට ආසාදිතයින් 657ක්
- ලකුණු 450 පසු කළ බංග්ලාදේශයෙන් ශතක 2ක්: ශ්‍රී ලංකාව තවත් අමාරුවේ වැටෙයි..
- සොයිසාපුර මහල් නිවාස සංකීර්ණයේ වැටලීමකින් හෙරොයින් සමග 04ක් අත්අඩංගුවට