රන්ජන්ගේ පෙත්සම ප්‍රතික්ෂේප කෙරේ

මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහි රන්ජන්ගේ පෙත්සම විභාගයකින් තොරවම ප්‍රතික්ෂේප කෙරේ

by Staff writer 05-04-2021 | 10:17 AM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීමට එරෙහිව රන්ජන් රාමනායක මහතා ගොනු කළ රීට් ආඥා පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබේ.

රන්ජන් රාමනායක මහතා විසින් ගොනු කර තිබූ පෙත්සම අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරොයා යන මහත්වරුන් විසින් සලකා බැලීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් නියෝගය අද දින නිකුත් කිරීමට නියමිතව තිබූ අතර නමුත් එම පෙත්සම අභියාචනාධිකරණය විභාගයට ගැනීමකින් තොරවම ප්‍රතික්ෂේප කර තිබේ.