පිපිරීම ගැන හොයන්න රස පරීක්ෂක කැඳවයි

පිපිරීමක් නිසා පුද්ගලයෙකුට මරු කැඳවූ පරණ යකඩ එකතු කරන ස්ථානයට රජයේ රස පරීක්ෂක කැඳවයි

by Staff writer 03-04-2021 | 10:28 AM

COLOMBO (News 1st) - පිපිරීමක් සිදු වූ අවිස්සාවේල්ල, මාදොල, පරණ යකඩ බඩු එක් රැස් කිරීමේ ස්ථානයට රජයේ රස පරීක්ෂකවරයා කැඳවා තිබේ.

ඊයේ පස්වරුවේ එම ස්ථානයේ වූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තවත් තිදෙනෙකු තුවාල ලැබූහ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ, ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බවයි.