by Staff writer 03-04-2021 | 6:06 PM
COLOMBO (News 1st) : ශුද්ධ වූ සතිය තුළ සහ හෙටට(04) යෙදී තිබෙන පාස්කු ඉරිදා දිනයේ රට තුළ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන ඇතැයි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ඒ, මෙම වසරේ පාස්කු ඉරිදා දිනය 2021 අප්‍රේල් 04 වැනි දිනට යෙදීමත්, ඉකුත් වසරේ පාස්කු ඉරිදා ත්‍රස්ත බෝම්බ ප්‍රහාරයට ලක්වූවන් සිහි කරමින් එය දේවස්ථානවලදී සැමරීමත් නිසාය.
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීට සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ට විශේෂිත උපදෙස් නිකුත් කර ඇති අතර මෙම කාල සීමාව තුළ දැඩි අවධානයෙන් සිටින ලෙසත්, රට තුළ ආරක්ෂක විධිවිධාන තවදුරටත් තර කරන ලෙසත් උපදෙස් ලබා දී ඇති බව එම නිවේදනයේ සඳහන් ය.
අන්තවාදය, ප්‍රචණ්ඩත්වය හෝ භීෂණය හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත්, එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇත්නම් වහාම ආරක්ෂක අංශ වෙත දැනුම් දෙන ලෙසත්, ආරක්ෂක අංශ ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ අතර ශුද්ධ වූ සතියේ සහ පාස්කු ඉරිදා දිනයේ බැතිමතුන් සහ දේවස්ථාන විසින් සිදු කරන දේව මෙහෙයන්, උත්සව හා වෙනත් ක්‍රියාකාරකම්වලදී නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන මෙන් ද, ආරක්ෂක අමාත්‍යාංශය දේවස්ථානවලින් සහ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටී.