by Staff writer 03-04-2021 | 6:49 PM
COLOMBO (News 1st) : පාස්කු ප්‍රහාරයේ වින්දයින් වූ සැමට සාධාරණය ඉටුවන තෙක් කිතුණු ජනතාවගේ ඉවසීම විශිෂ්ට බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, කිතුණු ජනතාව බලාපොරොත්තු වන පරිදි අප්‍රේල් 21 ප්‍රහාරයට වගකිවයුත්තන් නීතිය හමුවේ වරදකරුවන් වනතුරු එම පරීක්ෂණ ක්‍රියාවලිය කිසිදු බලපෑමකින් තොරව ක්‍රියාත්මක වන බවය.
අග්‍රාමාත්‍යවරයා පවසන්නේ, ප්‍රහාරයට වගකියුත්තන් නීතිය හමුවට ගෙන ඒමේ පරීක්ෂණ රජයක් ලෙස මේ දක්වා අඛණ්ඩව ඉටු කර ඇති බවය.
අප්‍රේල් 21 ප්‍රහාරය එදා මෙන්ම අදත් තරයේ හෙලා දකින බව පවසන අග්‍රාමාත්‍යවරයා ප්‍රහාරයෙන් ජීවිත අහිමි වූ කිතුණු ජනතාවගේ පවුල්වල සාමාජිකයින්ට සහ සමස්ත කිතුණු ජනතාවට සංවේගය පළ කරන බව ද පවසයි.