ප්‍රතිඅපනයනයට නියමිත පොල්තෙල් යළිත් පරීක්ෂාවට

ප්‍රතිඅපනයනයට නියමිත ප්‍රමිතියෙන් තොර පොල්තෙල් යළිත් පරික්ෂා කිරීමට පියවර - ශ්‍රී ලංකා රේගුව

by Staff writer 03-04-2021 | 9:29 AM

COLOMBO (News 1st) - ප්‍රතිඅපනයනයට නියෝග කළ ප්‍රමිතියෙන් තොර පොල්තෙල් තොග යළිත් පරීක්ෂා කිරීමට පියවර ගෙන ඇතැයි ශ්‍රී ලංකා රේගුව පවසයි.

එහි අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා පැවසුවේ, ප්‍රතිඅපනයනය කෙරෙන්නේ අදාළ පොල්තෙල් තොග ද යන්න නිශ්චිත වශයෙන් හඳුනා ගැනීම සඳහා ඒවා යළිත් පරීක්ෂා කෙරෙන බවය. ප්‍රමිතියෙන් තොර පොල්තෙල් ආනයනය කළ පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නියමිත බව ද මේජර් ජනරාල් විජිත රවිප්‍රිය මහතා සඳහන් කළේ ය.