ගම්බිම් බලා යන ජනතාවට විශේෂ බස් රථ සේවාවක්

ගම්බිම් බලා යන ජනතාවට අද සිට විශේෂ බස් රථ සේවාවක්

by Staff writer 03-04-2021 | 7:51 AM

COLOMBO (News 1st) - අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා අද(03) සිට විශේෂ බස් සේවා ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති කිංස්ලි රණවක මහතා පැවසුවේ, දෛනිකව ධාවනය කෙරෙන බස් රථවලට අමතරව තවත් බස් රථ 200 ක් ඒ සඳහා යොදවන බවයි. මෙම විශේෂ බස් රථ සේවාව අප්‍රේල් 15 වැනිදා වනතුරු ක්‍රියාත්මක අතර 15 වැනි දායින් පසු නැවත කොළඹට පැමිණීම සඳහා එම බස් රථම යෙදවීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසයි. ඔහු වැඩිදුරටත් පැවසුවේ, මගීන් සංඛ්‍යාව වැඩි වුවහොත් මීට අමතරව බස් රථ යෙදවීමට කටයුතු කරන බවයි. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/04/04-03-KINGSLY-RANAWAKA-online-audio-converter.com_.mp3"][/audio]