කතරගම නගරයේ විශේෂ වැටලීමක්..

කතරගම නගරයේ විශේෂ වැටලීමක්..

by Staff writer 03-04-2021 | 4:39 PM

COLOMBO (News 1st) : මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අද කතරගම නගරයේ සෝදිසි මෙහෙයුමක නිරත විය.

මුව ආවරණ නොමැති පුද්ගලයින් සහ ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳසැල් පිළිබඳව මෙම සෝදිසියේදී අවධානය යොමු කෙරිණි. කතරගම පූජා භූමියේ මුව ආවරණ නොමැතිව සැරිසැරූ කිහිප දෙනෙකුට නිරෝධායන නීති කඩ කිරීම යටතේ නඩු පැවරූ බව අප වාර්තාකරු සඳහන් කළේ ය. භාවිතයට නුසුදුසු හාල්මැස්සන්, අර්තාපල්, සොසේජස් හමු වූ වෙළඳසැල්වල හිමිකරුවන්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබේ.