සැක පොල්තෙල් කන්ටේනරයක් පොලිස් භාරයට

සැක සහිත පොල්තෙල් කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට

by Staff writer 02-04-2021 | 7:50 AM

COLOMBO (News 1st) - මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැක පොල්තෙල් අඩංගු කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ, පොලීසියට ලද තොරතුරක් මත මෙම පොල් තෙල් කන්ටේනරය පොලිස් භාරයට ගෙන ඇති බවයි.