ශ්‍රී ලංකාවට ලකුණු 377ක දැවැන්ත ඉලක්කයක්

ශ්‍රී ලංකාවට ලකුණු 377ක දැවැන්ත ඉලක්කයක්

by Staff writer 02-04-2021 | 10:51 AM

COLOMBO (News 1st) - ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ අවසන් දිනය අදයි.

ඇන්ටිගාහිදී පැවැත්වෙන මෙම තරගයේ දෙවැනි ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු නොදැවී රැස් කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 29 කි. ඊයේ දිනයේදී ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 258 කට සීමා විය. ඒ අනුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 4කට ලකුණු 280 ක් ලබා සිටියදී සිය ඉනිම අත්හිටුවීමට තීරණය කර තිබේ. ඒ අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි වූ ඉලක්කය ලකුණු 377කි. දිනය අවසන් වනවිට කිසිවෙකු නොදැවී ලකුණු 29 ක් රැස් කරගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය සඳහා අද දිනයේදී තවත් ලකුණු 348 ක් ලබාගත යුතුයි.