වැලිගමින් පිළිකා කාරක පරිප්පු හමුවෙයි..

වැලිගමින් පිළිකා කාරක පරිප්පු හමුවෙයි..

by Staff writer 02-04-2021 | 11:46 AM

COLOMBO (News 1st) - වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ තිබි සොයා ගත් කල් ඉකුත් වූ පරිප්පුවල ඇල්ෆාටොක්සීන් පිළිකාකාරක අඩංගු බව හෙළිව තිබේ.

වැලිගම ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක එම්.එම්.එච්.නිහාල් මහතා පැවසුවේ ඇල්ෆාටොක්සීන් පිළිකා කාරකය අඩංගු බව රස පරීක්ෂක වාර්තාවෙන් හෙළි වී ඇති බවය. වැලිගම විවිධ සේවා සමුපකාර සමිතියේ සඟවා තබන ලද භාවිතය ට නුසුදුසු කල් ඉකුත් වූ පරිප්පු කිලෝ තුන්දහස් එකසිය පනහක් පමණ සොයා ගැනුණේ කල් ඉකුත් වූ යෝගට් විකිණීමෙන් පසුව පාරිභෝගිකයකුගෙන් ලද පැමිණිල්ලක් අනුව කළ පරීක්ෂාවකදීය.