මැණික් කැණීමේ බලපත්‍ර ගන්න නව ක්‍රමයක්

මැණික් කැණීමේ බලපත්‍ර කඩිනමින් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්

by Staff writer 02-04-2021 | 7:44 AM

COLOMBO (News 1st) - දින 21ක් තුළ මැණික් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් මේ වනවිට ක්‍රියාත්මක බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.

එහි සභාපති තිලක් වීරසිංහ මහතා ප්‍රකාශ කළේ, මීට පෙර මැණික් කැණීම් බලපත්‍රයක් ලබා ගැනීමට මාස ගණනාවක් බලා සිටීමට ඉල්ලුම්කරුවන්ට සිදු වූ බවය. මෙම ක්‍රමය තුළින් කෙටි කාලයක් ඇතුළත බැකෝ යන්ත්‍ර හා සාම්ප්‍රදායික ක්‍රමයට මැණික් කැණීම සඳහා බලපත්‍ර නිකුත් කෙරෙන බව ද ඔහු ප්‍රකාශ කළේ ය.