මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන 464කට නඩු

බස්නාහිර මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන 464 දෙනෙකුට නඩු..

by Staff writer 02-04-2021 | 5:49 PM

COLOMBO (News 1st) – බස්නාහිර පළාතේ මදුරුවන් බෝවන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 464 දෙනෙකුට එරෙහිව නඩු පවරා තිබේ.

ඒ, පසුගිය දින තුනේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කළ මදුරු මර්දන වැඩසටහනේදී ය. එහිදී පරිශ්‍ර 36,900 ක් පරීක්ෂාවට ලක් කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය. මදුරු කීටයින් සහිත පරිශ්‍ර 1,400 ක් එහිදී හඳුනාගෙන තිබේ. මදුරු ග්‍රහණය ව්‍යාප්ත වන ලෙස පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 893 දෙනෙකුට එරෙහිව රතු නිවේදන නිකුත් කළ බව ද අරුණ ජයසේකර මහතා සඳහන් කළේ ය. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමග මදුරුවන් බෝ නොවන පරිදි පරිශ්‍ර පවත්වාගෙන යන්නැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවට දැනුම් දෙයි.