පන්නිපිටියේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට..

පන්නිපිටියේ රිය අනතුරකින් තරුණයින් දෙදෙනෙකු මරුට..

by Staff writer 02-04-2021 | 4:57 PM

COLOMBO (News 1st) – පන්නිපිටිය - බත්තරමුල්ල මාර්ගයේ පොල්වත්ත හන්දියේදී මෝටර් රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් තරුණයින් දෙදෙනෙකු මිය ගියේ ය.

පන්නිපිටිය දෙසට ධාවනය වු මෝටර් රථයක් පොල්වත්ත මාර්ගයට හරවන අතරතුර යතුරු පැදියක් එහි ගැටෙන අතර, සුළු මොහොතකින් තවත් යතුරුපැදියක් ගැටෙනු CCTV කැමරාවක සටහන්ව තිබේ . පොලීසිය පැවසුවේ, එක් යතුරුපැදියක සිටි දෙදෙනාම බරපතල තුවාල සහිතව කළුබෝවිල රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගිය බවයි. අනෙක් යතුරුපැදියේ සිටි පුද්ගලයා සුළු තුවාල ලබා ඇතැයි පොලීසිය සඳහන් කළේ ය . මියගොස් ඇත්තේ මීගොඩ සහ යටියන්තොට ප්‍රදේශවල පදිංචි 25 හැවිරිදි සහ 27 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි. යතුරුපැදි දෙක ගැටුණු මෝටර් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හැර තිබේ. මේ අතර අද පස්වරුවේ කැලණිය පාලම ආසන්නයේදී මෝටර් රථයක් ගිනි ගන්නා ආකාරය දක්නට ලැබුණි.