තායිවානයේ මාරක දුම්රිය අනතුරක්....

තායිවානයේ මාරක දුම්රිය අනතුරක්.... පුද්ගලයින් 36ක් මරුට

by Sagarika Chathumali 02-04-2021 | 12:07 PM

COLOMBO (News 1st) : තායිවානයේ දුම්රියක් පීලි පැනීමෙන් පුද්ගලයින් 36 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, තායිපේ සිට තායිතුං. දක්වා ගමන් කරමින් තිබූ දුම්රිය උමං මාර්ගයක් ඔස්සේ ගමන් කරමින් තිබියදී මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි. අනතුරින් තවත් මගීන් 70 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරව සිටින බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. තායිවානයේ මධ්‍යම හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය පවසන්නේ සහන කණ්ඩායම් , උමඟ තුළ මැදිරි හතරක සිර වී සිටින මගීන් බේරා ගැනීම සඳහා ප්‍රවේශ වීමට දැඩි පරිශ්‍රමයක් දරමින් සිටින බවයි. අනතුරට  පත් දුම්රියේ ගමන් කරමින් සිටි වැඩි පිරිස සංචාරකයින් වන අතර අද සිදුවූ මෙම අනතුර සැලකෙන්නේ, දශක ගණනාවකට පසු සිදුවූ දරුණුතම දුම්රිය අනතුර ලෙසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, නඩත්තු රථයක් දුම්රිය මාර්ගයට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.