ගංගා 6ක වැලි නිධි පිළිබඳ සමීක්ෂණයක්

ගංගා 6ක වැලි නිධි පිළිබඳ සමීක්ෂණයක්

by Staff writer 02-04-2021 | 7:57 AM

COLOMBO (News 1st) - ගාංගා 06ක වැලි නිධි පිහිටා ඇති ස්ථාන පිළිබඳව භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සමීක්ෂණයක් ආරම්භ කර තිබේ.

එහි සභාපති අනුර වල්පොල මහතා සඳහන් කළේ, කළු, කැලණි, දැදුරුඔය වැනි ගංගාවල එම සමීක්ෂණය සිදු කරන බවයි. මුහුදු ජලය රට ඇතුළට නොයන ලෙසට එම වැලි නිධිවලින් ප්‍රයෝජන ලබා ගැනීමට අපේක්ෂා කරන බව ද සභාපතිවරයා ප්‍රකාශ කළේ ය. එම සමීක්ෂයෙන් කුමන ස්ථානවල වැලි නිධි පවතින්නේ ද යන්න පිළිබඳව නිශ්චය කිරීමට නියමිතව තිබේ. අධිවේගි මාර්ග ඉදිකිරීම ඇතුළු රටේ සිදුවන සංවර්ධන කටයුතු සඳහා එම වැලි ප්‍රයෝජනය ගැනීමට නියමිතය.