හග්ගල රිය අනතුරකින් තිදෙනෙකු මරුට

හග්ගල රිය අනතුරකින් කාන්තාවන් තිදෙනෙකු මරුට..

by Staff writer 01-04-2021 | 2:03 PM

COLOMBO (News 1st) – නුවරඑළිය, හග්ගල ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් ගැටීමෙන් කාන්තාවන් තිදෙනෙකු මියගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ය.

තවත් අයෙකුට තුවාල සිදුව තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ, අනතුර සිදුවීමෙන් පසු ලොරි රථ රියැදුරු පලාගොස් ඇති බවය. එම රියැදුරු සොයා විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.