ලේලියගේ Facebook ගිණුමෙත් ට්‍රම්ප්ට ඉඩක් නැති වෙයි

ලේලියගේ Facebook ගිණුමෙත් ට්‍රම්ප්ට ඉඩක් නැති වෙයි

by Sagarika Chathumali 01-04-2021 | 4:53 PM

COLOMBO (News 1st) : ජනප්‍රිය රූපවාහිනී නිවේදිකා ලාරා ට්‍රම්ප් සිය Facebook ගිණුමේ පළ කරන ලද අමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පෙනී සිටින වීඩියෝවක් ඉන් ඉවත් කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ.

Facebook සමාගම මෙලෙස ඉවත් කිරීමට කටයුතු කර ඇත්තේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ලේලිය වන රූපවාහිනි නිවේදිකා ලාරා ට්‍රම්ප්, හිටපු ජනාධිපතිවරයා සමග සම්මුඛ සාකච්ඡාවක් සිදු කරන ආකාරය දැක්වෙන වීඩියෝවකි. මේ සම්බන්ධයෙන් Facebook ආයතනය ලාරා ට්‍රම්ප්ට අවවාදාත්මක ලිපියක් යොමු කරමින් සඳහන් කර ඇත්තේ, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වීඩියෝ පළ කරන්නේ නම් ඉවත් කරනු ලබන බවයි. එසේම මින් ඉදිරියටද පළ කිරීම් සිදු කරන්නේ නම් ඇයගේ ගිණුමේ පහසුකම් අවහිර වනු ඇති බවයි. ජනප්‍රිය රූපවාහිනි නිවේදිකාවක් වන ලාරා ට්‍රම්ප්, ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පුත් එරික් ට්‍රම්ප්ගේ බිරිඳයි. එක්සත් ජනපදයේ වොෂිංටන් හී  කැපිටල් හිල් ගොඩනැගිල්ලට කඩාවැදී පහර දුන් ආධාරකරුවන්ට සහය පළ කරන ආකාරයේ පණිවුඩ පළ කිරීම හේතුවෙන්, පසුගිය ජනවාරි මාසයේදී Facebook සමාගම හිටපු ජනපති ට්‍රම්ප්ගේ Facebook ගිණුම තහනම් කිරීමට කටයුතු කර තිබිණ. Facebook ගිණුම තහනම් කරමින් එම අවස්ථාවේ මාර්ක් සකර්බර්ග් සඳහන් කර ඇත්තේ, අදාල කාලය තුළදී ජනාධිපතිවරයාට සිය සමාජ මාධ්‍ය භාවිත කිරීමට ඉඩ දීම අවදානම් සහගත වූ බවයි. ඊට සමගාමීව හිටපු ජනාධිපතිවරයාගේ Twitter සහ YouTube ගිණුම් ද අත්හිටුවිි.ය  
 
View this post on Instagram
 

A post shared by Lara Trump (@laraleatrump)