by Staff writer 01-04-2021 | 5:05 PM
COLOMBO (News 1st) - රුපියල් කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදාන, ලොගට් පටුගම ප්‍රදේශයේ කඩා ඉවත් කරන ලද නිවසක ද්‍රව්‍ය ගොඩගසා තිබූ ස්ථානයක තිබී අද අලුයම සොයාගෙන තිබේ.
පොලීසිය සඳහන් කළේ, එහි තිබී හෙරොයින් කිලෝග්‍රෑම් එකයි ග්‍රෑම් 78 ක් සොයාගත් බවයි.
සිද්ධියට අදාළ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර හෙරොයින් තොගය මරදාන පොලීසියට භාර දී ඇත.
කොළඹ අපරාධ විමර්ශන අංශයේ කොළඹ මධ්‍යම ඒකකයේ නිලධාරීන් ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබුණි.