පැතුම් නිස්සංක හුදෙකලා සටනක..

පැතුම් නිස්සංක හුදෙකලා සටනක..

by Staff writer 01-04-2021 | 8:00 AM

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.

ඊයේ දිනය අවසන් වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 8ක් දැවී ලකුණු 250ක් රැස් කරගෙන සිටී. ඇන්ටිගාහි ශ්‍රීමත් විවියන් රිචඩ්ස් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 354ක් රැස් කළේ ය . පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනය සඳහා තරගය ආරම්භ කරන විට කඩුලු 3ක් දැවී රැස් කරගෙන සිටි ලකුණු සංඛ්‍යාව 136 කි. දිනේෂ් චන්දිමාල් ලකුණු 44 යි. ධනංජය ද සිල්වා ලකුණු 39ක් රැස් කළේ ය. නිරෝෂන් දික්වැල්ල ලකුණු 20යි. සුරංග ලක්මාල් ලකුණු 6කට දැවී ගියෙ ය. හුදෙකලා සටනක නිරතවන පැතුම් නිස්සංක නොදැවී ලකුණු 49ක් ලබා සිටී. අල්සාරි ජෝසප් සහ ජේසන් හෝල්ඩර් කඩුලු දෙක බැගින් දවා ගත්තේ ය. ඊයේ දිනයේදී අවස්ථා කිහිපයකදීම තරගයට වර්ෂාවෙන් බාධා එල්ල විය. මේ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට වඩා පසුපසින් සිටින ලකුණු සංඛ්‍යාව 104 කි.