කරදියනාරුහි ගස් කැපූ අයෙකු අත්අඩංගුවට

කරදියනාරුහි ගස් කැපූ අයෙකු අත්අඩංගුවට

by Staff writer 01-04-2021 | 5:49 PM

COLOMBO (News 1st) - කරදියනාරු, කෝපාවලී ප්‍රදේශයේදී ගස් කැපීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, පොලිස් මූලස්ථානයේ ස්ථාපිත 1997 දුරකතන අංකයට ලැබුණු තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගත් බවයි. විවිධ වර්ගයේ දැව තොගයක් සමග අත්අඩංගුවට ගත් 64 හැවිරිදි සැකකරු කලවංචිකුඩි මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.