ඉන්දියාවේ කොරෝනා මරණත් වාර්තාගත ලෙස ඉහළට

ඉන්දියාවේ කොරෝනා මරණත් වාර්තාගත ලෙස ඉහළට

by Staff writer 01-04-2021 | 3:39 PM

COLOMBO (News 1st) : ඉන්දියාවේ දෛනික කොරෝනා මරණ සහ ආසාදිතයින් වාර්තාවීම යළිත් වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.

පසුගිය පැය 24 තුළ ඉන්දියාවෙන් ආසාදිතයින් 72,330 ක් වාර්තා වුණේ, මරණ 457 ක් ද සමග යි. මේ වසරේ ගතවූ මාස කිහිපය තුළ ඉන්දියාවෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා මරණ සහ ආසාදිතයින් සංඛ්‍යාව මෙය වේ. මේ අතර ඉන්දියාවේ කොරෝනා මර්දන එන්නත් වැඩසටහනේ තුන්වැනි අදියර අද ආරම්භ කෙරිණ. සෞඛ්‍ය අංශ අනාවරණ කළේ, ඉන්දියාවේ සීරම් ආයතනය නිෂ්පාදනය කළ ඇස්ට්‍රාසෙනෙකා සහ බයෝටෙක් ආයතනයේ කොවැක්සීන් එන්නත් ළමුන් යොදා ගනිමින් අධ්‍යනය කිරීමට නියමිත බවයි.