.webp)
''අපිට ඉන්නවා සතුරන් දෙදෙනෙක් එකක් කොරෝනා වෛරසය අනෙක රැකියාවිරහිතභාවය... ඒක තමයි සත්‍යය. ගෙදරට වෙලා ඉදලා අපට මේ ප්රශ්නය විසඳන්න බැහැ...''විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ, බ්‍රසීලයෙන් වාර්තා වන දෛනික මරණ සමස්ත ලෝකයේ දෛනික කොරෝනා මරණවලින් හතරෙන් එකක් පමණ වන බවයි. මේ අතර වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට නොහැකි වීම තුළ බ්‍රසීල ජනාධිපතිවරයාට දැඩිලෙස දොස් පැවරෙමින් ඇති පසුබිමක් තුළ පසුගිය අඟහරුවාදා (30) ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හදිසියේ ම ඉල්ලා අස්වීමත් සමග නැවත වරක් ජනාධිපතිවරයා වෙත විවේචනයේ ඇඟිලි දිගු වන්නට විය.
බ්‍රසීල ත්‍රිවිද හමුදාපතිවරු ඉල්ලා අස්වෙති
ආරක්ෂක අමාත්‍ය ප්‍රනාන්දු අසිවෙඩෝ ඊ සිල්වා හදිසියේම නෙරපා හැරීමට විරෝධය පළ කරමින් පසුගිය අඟහරුවාදා (30) බ්‍රසීලයේ ත්‍රිවිද හමුදාපතිවරු ඉල්ලා අස්වූහ. ත්‍රිවිද හමුදාවේ පක්ෂපාතිත්වය සම්බන්ධයෙන් බොල්සොනාරෝ ජනාධිපතිවරයා සහ ආරක්ෂක අමාත්‍යවරයා අර්බුදකාරී තත්ත්වයක් හටගෙන තිබූ අතර ආරක්ෂක අමාත්‍යවරයා කියා සිටියේ ජනාධිපතිවරයාට පෞද්ගලිකව සහය දෙනවාට වඩා ව්‍යවස්ථාව පිළිපැඳිය යුතු බවයි. ත්‍රිවිද හමුදාපතිවරුන්ගේ ඉල්ලා අස්වීමෙන් පසු ඊයේ එරට ත්‍රිවිද හමුදාව සඳහා නව ප්‍රධානීන් පත් කර තිබේ. නව ආරක්ෂක ඇමති වෝල්ටර් බ්‍රාගා නෙටෝ නිවේදනය කළේ, පාවුලෝ සර්ජියෝ නොගුයිරා ඩි ඔලිවෙයිරා යුද හමුදා ප්‍රධානියා ලෙසත්, අල්මීර් ගාර්නියර් නාවික හමුදා ප්‍රධානියා ලෙසත් සහ කාලෝස් අල්මේදා බැප්ටිස්ටා ගුවන් හමුදා ප්‍රධානියා ලෙසත් පත් කළ බවයි. වසර 21 ක හමුදා පාලනයෙන් පසු 1985දී රට ප්රජාතන්ත්රවාදයට පැමිණීමෙන් පසු බ්‍රසීල දේශපාලනයේ ත්‍රිවිද හමුදාවේ කාර්යභාරය සංවේදී කරුණක් බවට පත්ව ඇත. බ්‍රසීලය වසංගත ව්‍යාප්තිය පාලනය කිරීමට අසමත්වීම මෙන්ම නව ත්‍රිවිද හමුදා ප්‍රධානීන්, ආරක්ෂ ඇමති, විදේශ කටයුතු ඇමති සහ තවත් කැබිනට් අමාත්‍යවරුන් 5 දෙනෙකු ම අලුත් පත් කිරීමට සිදුවීම ද බ්‍රසීල දේශපාලනයේ සුවිශේෂි කරුණකි.