CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

CID හිටපු අධ්‍යක්ෂ ශානි ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

කර්තෘ Staff writer

31 Mar, 2021 | 5:28 pm

COLOMBO (News 1st) – අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 7 වැනි දා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

ශානි අබේසේකර මහතා ඇතුළු පිරිසට චෝදනා එල්ලවී ඇත්තේ, හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන් සම්බන්ධ නඩුවට බොරු සාක්ෂි නිර්මාණය කිරීම හේතුවෙනි.

එම නඩුව අද කැඳවනු ලැබුවේ, ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් මංජුල කරුණාරත්න මහතා හමුවේදීය.

රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබු සෙසු සැකකරුවන් අතර ඇඹිලිපිටිය පොලීසියට අනියුක්තව සේවය කළ හිටපු උපපොලිස් පරීක්ෂක මෝහන මෙන්ඩිස් සහ විශ්‍රාමික උපපොලිස් පරීක්ෂක නවරත්න ප්‍රේමතිලක යන අය ද වේ.

කොරෝනා වෛරස නිසා සැකකරුවන් අද අධිකරණය හමුවට ඉදිරිපත් කර නොමැත.

සැකකරුවන් තිදෙනා ඊළඟ නඩු දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කරන්නැයි අධිකරණය බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කර තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]