බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් යළි රිමාන්ඩ්

බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් යළි රිමාන්ඩ්

by Staff writer 31-03-2021 | 5:13 PM

COLOMBO (News 1st) - 2016 මැයි 31 වැනි දා මහ බැංකු බැඳුම්කර වෙන්දේසියකදී රජයට අයත් රුපියල් බිලියන 15ක මුදලක් සාවද්‍ය සාපරාධි පරිහරණය ඇතුළු අධිචෝදනා යටතේ පවරා ඇති නඩුවේ විත්තිකරුවන් 7 දෙනා හෙට (01) දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, එම නඩුව අද කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳ වූ අවස්ථාවේදීය. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඇප ඉල්ලීම් සම්බන්ධයෙන් මෙන්ම විත්තිකරුවන්ට ඇප ලබා දීම සිදු නොකරන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය හෙට පෙරවරු 9.00 ට නිකුත් කරන බව ද විනිසුරු මඬුල්ල පෙන්වා දුන්නේ ය. නඩුව අද කැඳවනු ලැබුවේ, අමල් රණරාජා, නාමල් බලල්ලේ හා ආදිත්‍ය පටබැඳිගේ යන විනිසුරු මඩුල්ල හමුවේදීය.