පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

පානදුරේදී හදිසියේ වෑන් රථයක් ගිනි ගනී

by Staff writer 31-03-2021 | 3:42 PM

COLOMBO (News 1st) - පානදුර - හොරණ ප්‍රධාන මාර්ගයේ වෑකඩ ප්‍රදේශයේදී වෑන් රථයක් ගිනිගෙන තිබේ.

ගිනි ගැනීම සිදුව තිබෙන්නේ, වෑකඩ ප්‍රදේශයේදීය. පිටුපසින් පැමිණි යතුරුපැදිකරුවෙකු කළ දැනුම් දීමකට අනුව රියැදුරු සහ එහි ගමන් ගත් පුද්ගලයෙකු වෑන් රථයෙන් ඉවතට පැන දිවි බේරාගෙන තිබේ. අප වාර්තාකරු පැවසුවේ, මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ රථයක් යොදා ගින්න මැඩ පවත්වා ඇති බවය.