කොරෝනා මුල සෙවීමට පමාවීම ගැන රටවල් රැසක කනස්සල්ල

කොරෝනා මුල සෙවීමට පමාවීම ගැන රටවල් රැසක කනස්සල්ල

by Staff writer 31-03-2021 | 4:52 PM

COLOMBO (News 1st) : කොරෝනා වෛරසයේ මුලාරම්භය පිළිබඳව නිශ්චිත අදහස් ඉදිරිපත් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රමාද වීම සම්බන්ධයෙන් ලොව රටවල් රැසක් සිය අප්‍රසාදය පළ කර තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ, ඇමරිකාව ඇතුළු රටවල් 13ක් ලෝක සෞඛ්‍ය සංවිධාන‍ය වෙත ලිපියක් යොමු කරමින් මේ බව දැනුම් දි ඇති බවයි. කෙසේ වෙතත් චීනයේ රසායනාගාරයකින් කොවිඩ් -19 වෛරසය මතු වු බවට නිගමනය කිරීම සඳහා වැඩිදුර පරීක්ෂණ අවශ්‍ය බව මේ පිළිඳබව ප්‍රතිචාර දක්වමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානි ටෙඩ්රෝස් ඇඩනෝම් සඳහන් කළේ ය. විදෙස් මාධ්‍ය වාර්තා ක‍ළේ, ලේාක සෞඛ්‍ය සංවිධානයේ කණ්ඩායමක් මේ වන විට වෛරසයේ මූලාරම්බය පිළිබඳව චීනයේ පරීක්ෂණවල නිරත වන බවයි.