මෙරට සිටින චීන ජාතිකයින්ටත් ළඟදීම කොවිඩ් එන්නත්

මෙරට සිටින් චීන ජාතිකයින් වෙනුවෙන් චීනෙන් කොරෝනා එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් හෙට දිවයිනට

by Staff writer 30-03-2021 | 11:55 AM

COLOMBO (News 1st) : චීන රජයේ පරිත්‍යාගයක් ලෙස එරට නිෂ්පාදිත සිනෝෆාම් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් හෙට මෙරටට ලැබීමට නියමිතව තිබේ.

අදාළ එන්නත් මාත්‍රා මෙරට සිටින චීන ජාතිකයින්ට පළමුවෙන් ලබා දීමට තීරණය කර තිබේ. රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, ඒ අනුව, මෙරට සේවය සඳහා පැමිණ සිටින චීන ජාතිකයින් 4500 දෙනෙකු සඳහා පළමුවෙන් එන්නත්කරණය සිදුවන බවයි. රාජ්‍ය අමාත්‍යවරිය පැවසුවේ, අදාළ එන්නත මෙරට තුළ භාවිතයට මෙතෙක් රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ අනුමැතිය ලැබි නොමැති බවයි. ඒ, තොරතුරුවල පවතින අඩුපාඩුවක් හේතුවෙනි. අදාළ අනුමැතිය ලබා ගැනීමෙන් පසු, සෙසු එන්නත් මාත්‍රා තොගය මෙරට ජනතාවට ලබා දීමට අපේක්ෂා කෙරේ. මේ අතර, ලබන මස 19 වනදා සිට කොරෝනා මර්දන එන්නත්කරණයේ දෙවැනි මාත්‍රාව දීම ආරම්භ කිරිමට නියමිතව ඇතැයි, රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කළා ය.