රියැදුරුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ්

මහ පාරේදි ලොරි රියැදුරෙකුට පහර දුන් කොස්තාපල් රිමාන්ඩ්

by Staff writer 30-03-2021 | 2:19 PM

COLOMBO (News 1st) - Update: පන්නිපිටියේදී ලොරි රථ රියැදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා ලබන 05 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ, ඔහු අද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. ලොරි රථ රියැදුරා රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදාහරින ලෙසට ද නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා නියෝග කළේ ය. මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ, ලොරි රථ රියැදුරාගේ රියැදුරු බලපත්‍රය ද අත්හිටුවන ලෙසයි. පොලිස් කොස්තාපල්වරයාගේ මානසික වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා බන්ධනාගාරයට නියෝග කරනු ලැබුවේ ය. එම පොලිස් කොස්තාපල්වරයාගේ සේවය මේ වනවිට අත්හිටුවා තිබේ.