by Staff writer 30-03-2021 | 3:38 PM
COLOMBO (News 1st) : හොංකොංහි මැතිවරණ නීතිය සංශෝධනය කිරීමට චීනය අද පියවර ගත්තේ ය.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊට අදාළ පනත් කෙටුම් පත චීනයේ තීන්දු තීරණ ගැනීමේ ඉහළ ම ඒකකය වන ජාතික මහජන කොංග්‍රසයේදී එකමතිකව සම්මත වූ බවයි.
නව නීති සංශෝධනය මගින් චිනය හොංකොං ආශ්‍රිත සිය අධිකාරි බලය තවත් දුරටත් ත්‍රිවුර කරනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
ඔවුන් පෙන්වා දෙන්නේ හොංකොං ව්‍යව්ස්ථාදායක සභාව රබර් මුද්‍රවක් බවට පරිවර්තනය කර ඇති මෙම නව පනතින් හොංකොං හි ප්‍රජාතන්ත්‍රවාදයේ සමාප්තිය සනිටුහන් කර ඇති බවයි.
මෙම ක්‍රියාමාර්ගය ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි ප්‍රහාරයක් බව මේ පිළිබඳව අදහස් පළ කරමින් අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් කියා සිටියේ ය.
හොංකොං සැලකෙන්නේ චිනයට අයත් ස්වයං පාලන කලාපයක් ලෙසයි.