by Sagarika Chathumali 30-03-2021 | 2:55 PM
COLOMBO (News 1st) : කොළඹ නාගරික කලාපය ආවරණය වන පරිදි කණු මත දිවෙන දුම්රිය මාර්ග 4ක් රාජ්‍ය හා පෞද්ගලික ආයෝජනයක් ලෙස ආරම්භ කිරීමට අද කැබිනට් අනුමැතිය හිමිවිය.
පවතින රථවාහන තදබදයට පිළියම් ලෙස ඉදිවන මෙම දුම්රිය මාර්ග 4 රක්ත, හරිත, නීල සහ දම් ලෙස නම් කර තිබේ.
රක්ත දුම්රිය මාර්ගය : - රාගම සිට පිටකොටුව හරහා කොට්ටාව දක්වා (දිග කි. මී. 42 )
හරිත දුම්රිය මාර්ගය : - මොරටුව සිට නාරාහේන්පිට හරහා කැලණිය දක්වා (දිග කි. මී. 28 )
නීල දුම්රිය මාර්ගය : - කොට්ටාව සිට ඉසුරුපාය හරහා හුණුපිටිය දක්වා (දිග කි. මී. 23 )
දම් දුම්රිය මාර්ගය : - වරාය නගරයේ සිට බොරැල්ල හරහා අතුරුගිරිය දක්වා