by Staff writer 30-03-2021 | 3:57 PM
COLOMBO (News 1st) : එළැඹෙන සිංහල - දමිළ අලුත් අවුරුද්දට සමගාමීව අවුරුදු ක්‍රීඩා උත්සව, සැණකෙළි සහ සංගීත සංදර්ශන සඳහා අවසර නොදීමට සෞඛ්‍යය අංශ තීරණය කර තිබේ.
රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශණී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවේ, මහජන ඒකරාශී වීම් තවදුරටත් සීමා කිරීම සඳහා මෙම පියවර ගන්නා බවයි.
දැනට පිළිපදින සෞඛ්‍ය පුරුදු එලෙසින්ම අනුගමනය කරමින් පවුලේ අය සමග එක්ව අවුරුදු සමරන ලෙස සෞඛ්‍ය අංශ වැඩිදුරටත් දැනුම් දී සිටී.