
කොරෝනා මඩින්න චීනයෙන් එන්නත් ලක්ෂ 6 ක්..
කොරෝනා මඩින්න චීනයෙන් එන්නත් ලක්ෂ 6 ක්..
කර්තෘ Staff writer
COLOMBO (News 1st) – චීනයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබෙන සිනෝෆාර්ම් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා ලක්ෂ 6 ක් එරට සිටින ශ්‍රී ලංකා තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාට අද නිල වශයෙන් භාරදී තිබේ.
චීනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය නිවේදනය කළේ, චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආසියානු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චෙන් සොන්ග් මහතා විසින් මෙම එන්නත් තොගය නිල වශයෙන් භාරදුන් බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම එන්නත් තොගය මෙරටට හිමිවන බව තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් විය.
මේ අතර ජාතික ඖෂධ නියාමන අධිකාරිය ප්‍රකාශ කළේ, සිනෝෆාර්ම් එන්නත් තොගය පරිත්‍යාගයක් ලෙස භාර ගැනීමට තම අනුමැතිය ලබාදුන් බවයි.
චීන එන්නත පිළිබඳව කරුණු පැහැදිලි කරමින් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අද නිවේදනයක් නිකුත් කළේ ය.
එම සංගමය පෙන්වා දෙන්නේ, මෙම එන්නත මෙරට භාවිත කිරීම සඳහා අනුමැතිය ලබාදීමට අදාළ නිර්දේශ ඉදිරිපත් කිරීමට ඖෂධ නියාමන අධිකාරිය විසින් පත් කළ විද්වත් කමිටුව එය මෙරට භාවිත නොකරන ලෙස කර නිගමනය කර ඇති බවයි.
පසුගිය මාර්තු 17 වන දා ඔවුන් සිය කමිටු නිර්දේශ ඖෂධ නියාමන අධිකාරියට යොමු කර ඇති බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය පැවසීය.
නිෂ්පාදකයා ලබාදුන් තොරතුරු සලකා බැලීමෙන් පසුව ආරක්ෂාව, ගුණාත්මකභාවය සහ ප්‍රතිශක්ති ජනක හැකියාව යන කරුණු සලකා විද්වත් කමිටුව සිය නිගමනය ලබාදී ඇතැයි ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්.
එවැනි පසුබිමක් තුළ ඖෂධ නියාමන අධිකාරියට අලුතෙන් පත්කල අධ්‍යක්ෂ මණ්ඩලයක් යටතේ විද්වත් කමිටු නිර්දේශ නොසලකා එන්නත් ගෙන්වීමට පියවර ගැනීම පිළිබඳව කනස්සල්ල පළ කරන බව ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අවධාරණය කරයි.
චීන එන්නත මේ දක්වා ලෝක සෞඛ්‍ය සංවිධානය හදිසි භාවිතය සදහා අනුමත කර නැත.
- සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය
- නිව්ස්ෆස්ට් ප්‍රා. වාර්තාකරු නිට්සිංගම් නිබෝජන් දිවියෙන් සමුගනී
- ”මගේ පාලන කාලය තුළ වෙනත් අය කළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මම සමාව ඉල්ලා සිටිනවා”-හිටපු ජනපති මෛත්‍රී
- එංගලන්ත ලයන්ස් – ශ්‍රී ලංකා A ක්‍රිකට් සටන අද ඇරඹේ..
- පකිස්ථානයේ බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට
- මෙරට සිටින දියවැඩියා රෝගීන්ගෙන් 50% ක් තවමත් හඳුනාගෙන නැහැ.. – සෞඛ්‍ය අංශ අවධාරණය කරයි
- නිදහස් දින සැමරුම් උත්සවයේ පෙරහුරු කටයුතු හෙට සිට යළි ඇරඹේ
- අසාධාරණ බදු අයකිරීමට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ජනපතිට ලිපියක්
- රාජ්‍ය දේපොළ අවභාවිතය ගැන සාකච්ඡාවට මැතිවරණ කොමිසම අද බලධාරීන් කැඳවයි
- අද ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ක තද වැසි… – මුහුදු යාමෙන් වළකින්නැයි ධීවරයින්ට උපදෙස්