පාස්කු ඉරු දින ප්‍රහාරය ගැන විශේෂ නිවේදනයක්

පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුවෙන් විශේෂ නිවේදනයක්

by Staff writer 29-03-2021 | 4:48 PM

COLOMBO (News 1st) : අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් පාස්කු ඉරු දින ප්‍රහාරය පිළිබඳ අගරදගුරු පදවි ප්‍රකාශක කමිටුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

රටේ සිදුවන සෙසු අපරාධ සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව සහ අදාළ අනෙකුත් බුද්ධි තෙරතුරු සෙවීමට සම්බන්ධ රජයේ ආයතන කඩිනමින් එම අපරාධවල කතුවරුන් සොයා යන තත්ත්වයක් තිබියදී, 269 දෙනෙකු අමු අමුවේ ඝාතනය කර හා 300 කට වැඩි පිරිසක් ආබාධිතයින් සහ සදහටම ආරෝග්‍ය ශාලාවලට යන්නන් බවට පත් කළ ඒ මහා විනාශය සිදු කළ අය සොයන්නට සහ දඬුවම් දීමට වසර 2ක් ගත වී ඇතත් එය නොහැකි වීම ඇත්තෙන්ම පුදුමය දනවන ප්‍රෙහෙළිකාවක් බව එහි සඳහන් ය.   https://www.youtube.com/watch?v=LoeaTq0i4hc