by Staff writer 29-03-2021 | 10:22 PM
COLOMBO (News 1st) : ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ චීන ජනාධිපති ෂී ජිං පින් මහතා අතර අද දුරකතනයෙන් සාකච්ඡා කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, එම දුරකතන සංවාදයේදී සෑම ක්ෂේත්‍රයකම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහිත ද්විපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමක් කොට වර්ධනය කිරීමට එකඟත්වය පළ කළ බවයි.
ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට දිගටම සහාය ලබාදෙන බවත්, බහුපාර්ශ්වික වේදිකාවලදී මුහුණපෑමට සිදුවන අයුක්ති සහගත බලපෑම් හමුවේ ශ්‍රී ලංකාව වෙනුවෙන් ස්ථීර සාර ලෙස පෙනී සිටින බවත් චීන ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති කාර්යාලයේ සිට චීන නායකයා ඇමතූ ජනාධිපතිවරයා නොබෝදා අවසන් වූ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 46 වැනි සැසිවාරයේ දී ශ්‍රී ලංකාවට දුන් මහඟු සහයෝගය පිළිබඳව චීන ජනාධිපතිවරයාට සහ චීන රජයට සිය හෘදයාංගම කෘතඥතාව එහිදී පළ කර සිටියේ ය.
කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා හය ලක්ෂයක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කිරීම ගැන ද ජනාධිපතිවරයා එහිදී සිය ස්තූතිය පළ කළේ ය.