කොත්මලේ ජලාශයෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අභිරහස..

කොත්මලේ ජලාශයෙන් හමු වූ කාන්තා මළ සිරුරේ අභිරහස..

by Staff writer 29-03-2021 | 4:21 PM

COLOMBO (News 1st) : ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබියදී හමුවූ කාන්තා මළ සිරුර ඝාතනයක් බව හෙළි වී තිබේ.

පොලිසිය සඳහන් කළේ, ආගරපතන, ටොරිංටන් වතුයායේ පදිංවි 28 හැවිරිදි දෙදරු මවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවයි. ඝාතනය සම්බන්ධයෙන් සැකපිට එම කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය 25 වැනිදා ඉහළ කොත්මලේ ජලාශයේ පාවෙමින් තිබූ මෙම කාන්තා මළ සිරුර හමුවූ අතර, ඇය ජලාශයට පැන දිවි හානි කර ගෙන ඇතැයි, සැක පළ කෙරිණ. නමුත් පසුව කළ විමර්ශනවලින් එය සියදිවි නසා ගැනීමක් නොව ඝාතනයක් බව හෙළි වූ බව පොලීසිය තහවුරු කළේ ය. පවුල් ආරවුලක් මත සැමියා සිදුකළ පහරදීමකින් අදාළ කාන්තාව මියගොස් ඇති බවත්, පසුව සැමියා විසින් මළ සිරුර ඉහළ කොත්මලේ ජලාශයට දමා ඇති බවත් මූලික විමර්ශනවලින් තහවුරු වී තිබේ.