වනවාසලට පැය 18 ක ජල කප්පාදුවක්..

වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට පැය 18 ක ජල කප්පාදුවක්

by Staff writer 27-03-2021 | 2:16 PM

COLOMBO (News 1st) - වනවාසල ඇතුළු ප්‍රදේශ කිහිපයකට ලබන 31 වැනි දා රාත්‍රී 10.00 සිට 01 වැනි දා පස්වරු 4.00 දක්වා පැය 18 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමු පාර, ඇවරිවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලහදූව, මරදාන පාර, හැදල පාරේ කොටසකට සහ ඇලකන්ද ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටවනු ඇති. ඊට හේතුවී ඇත්තේ, හේකිත්ත මාර්ගයේ ජල නල පද්ධතියේ වැඩි දියුණු කිරීමකි.