ස්පුට්නික් එන්නත් මිලියන 7ක් ආනයනයට අනුමැතිය

රුසියානු ස්පුට්නික් එන්නත් මිලියන 7ක් ආනයනයට අනුමැතිය

by Staff writer 27-03-2021 | 7:36 AM

COLOMBO (News 1st) - රුසියානු ස්පුට්නික් කොරෝනා එන්නත් මිලියන 7 ක් ආනයනය කිරීමට අනුමැතිය ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවා ය.

අමාත්‍යවරිය පැවසුවේ, ඊට අදාළ කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතින බවයි. චීන සයිනෆාම් එන්නත පිළිබඳව ද අමාත්‍යවරිය අදහස් පළ කළා ය. අමාත්‍යවරිය පැවසුවේ, සයිනෆාම් එන්නත හදිසි භාවිත කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෙතෙක් අවසරය ලබා දී නොමැති බවයි. අප්‍රේල් මස පමණ වනවිට මෙය හදිසි භාවිතට අවසරය හිමි වෙතැයි බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය වැඩිදුරටත් පැවසීය. [audio mp3="https://cdn.newsfirst.lk/sinhala-uploads/2021/03/03-27-SUDARSHANI-online-audio-converter.com-2.mp3"][/audio] තවත් කොරෝනා ආසාදිතයින් 264 දෙනෙකු සුවය ලබා තිබේ. ඒ සමග මෙරට කොරෝනා වෛසරයෙන් සුවය ලැබු සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 88145 කි. කොරෝනා ආසාදනය වී ඇති සමස්ත සංඛ්‍යාව 91,289 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ ය. වෛසරය ආසාදිතව මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 2,587 කි. කොරෝනා ආසාදනය වීමෙන් මේ වනවිට මියගොස් ඇති සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 557 කි.