පළාත් කිහිපයකට තද වැසි ..

පළාත් කිහිපයකට තද වැසි ..

by Staff writer 27-03-2021 | 4:08 PM

COLOMBO (News 1st) –  සබරගමුව, දකුණ, බස්නාහිර , මධ්‍යම, වයඹ සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ , දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.