ජැක්සන් හා පියුමි මලයාලම් සිනමා නිර්මාණයක

ජැක්සන් ඇන්තනී හා පියුමි හංසමාලි මලයාලම් සිනමා පටයක රඟ දක්වයි

by Staff writer 27-03-2021 | 3:47 PM

COLOMBO (News 1st) –  ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී සහ පියුමි හංසමාලී මලයාලම් සිනමා පටයකට රංගන දායකත්වය ලබා දී තිබේ.

Lucknow නැමැති එම සිනමා පටය අනිල් කුමාර්ගේ (Anil Kumar) අධ්‍යක්ෂණයකි. කොරෝනා වසංගතය හේතුවෙන් නතර කෙරුණු එහි අවසන් රූගත කිරීම් ඉදිරි මාසවල ඉන්දියාවේ ලක්නව් නුවරදී සිදු කිරීමට නියමිතව තිබේ. ලබන නොවැම්බර් මස 16 වැනිදා සිට එය ලොව පුරා තිරගත වීමට නියමිතය.